May 03, 2024

(EXCLUSIVE) විමුක්ති කුමාරතුංග එනවා : නව පක්ෂය ඔහු සඳහායි

විමුක්ති කුමාරතුංග මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයට ඉතා ලඟදීම පැමිණීමට නියමිතයි.

මීට පෙරද විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට පැමිණෙන බවට ප්‍රකාශ වූ නමුත් ඒ සියල්ලම ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ප්‍රතික්ෂේප කලා.

මූලික වැඩ කටයුතු සූදානම්

එහෙත් මෙවර විමුක්ති විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලනයට අවතීර්ණ වීම ස්ථිර ලෙසම සිදු වන බවත් ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් විවිධ පාර්ශව හරහා සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කරන්නේ විමුක්ති කුමාරතුංග මහතාට දේශපාලනයට පිවිසීම සඳහා අවශ්‍ය කරන වේදිකාවක් සැකසීමට බවයි දැනගන්නට තිබෙන්නේ.

"අපි ශ්‍රී ලංකා" පක්ෂය ලියාපදිංචි කිරීමටද වෙල්ගම මන්ත්‍රීවරයා උත්සාහ කළ මුත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එම පක්ෂය සමග බැඳී එම නමම ඇති සංවිධානයක් විසින් විරෝධය දැක්වීම හේතු කොටගෙන එය තාවකාලිකව නතර වී තිබෙන්නේ.

නව පක්ෂය විමුක්ති සඳහා

වෙල්ගම මන්ත්‍රීවරයා සතුව නව ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් තිබියදීත් "අපි ශ්‍රී ලංකා" නමින් තවත් නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරන්නේ එම පක්ෂය හරහා හැම අතින්ම බණ්ඩාරනායකවරුන් බිහි කළ ශ්‍රී.ල.නි.ප යට සමගාමීව කටයුතු කිරීමේ පදනම මත බවද දැනගන්නට තිබෙනවා.

දේශපාලනයට පැමිණීම පිළිබඳව විමුක්ති කුමාරතුංග මහතාගේ කැමැත්ත ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විටත් ගෙන තිබෙන බවයි වෙල්ගම මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මේ වන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විමුක්ති කුමාරතුංග මහතා ජීවත්වෙන එංගලන්තය බලා ගොස් සිටින අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඔහු සමඟ සාකච්ඡා කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

දේශපාලනයට පැමිණීමට සුදුසුම කාලය

මේ වන විට 38 වැනි වියේ පසුවන විමුක්ති කුමාරතුංග මහතාට මෙරට දේශපාලනයට පිවිසීමට සුදුසුම කාල වකවානුව වත්මන් කාල වකවානුව බවයි කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමට කටයුතු කරන පිරිසගේ විශ්වාසය වන්නේ.

විමුක්ති කුමාරතුංග මහතා සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ ජනප්‍රියතම රංගධරයා මෙන්ම සැබෑ මානව හිතවාදි දේශපාලඥයෙකු වූ විජය කුමාරතුංග මහතාගේ පුත්‍රයා වන අතර දිවංගත එස්.ඩබ්ලිව්ආර්.ඩී බණ්ඩාරනායක අමාත්‍යවරයාගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ මුණුපුරාද වනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 23 July 2021 15:23