May 02, 2024

පාසල් විෂය මාලාවට අලුත් විෂයයක් Featured

පාසල් විෂය මාලාවට නව විෂයයක් එක් කිරීමේ සූදානමක් පිළිබඳ වාර්තා වනවා.

මෙලෙස යෝජනා වී ඇත්තේ වනජීවි හා වන සංරක්ෂණය පාසල් විෂයයක් ලෙස සකස් කිරීමට යි.

වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට මේ පිළිබඳව යෝජනාවක් ද ඉදිරිපත්කර ඇති බව යි සඳහන් වන්නේ.

වනජීවි සංරක්ෂණය හා වන සංරක්ෂණය ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

පරිසරය සමග සහජීවනයෙන් කටයුතු කිරීම සම්බන්ධව කුඩා කල සිටම දරුවාට අවබෝධ කරවීම මෙහි අරමුණ යි.

මේ අතර මෙම යෝජනාවට අදාළව අධ්‍යාපන ඇමැතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වෙනවා.

එවන් පසුබිමක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 03 July 2021 10:49