May 17, 2024

තවත් වටිනා මත්ස්‍යයෙකු ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගසයි (VIDEO)

ලෝකයේ ජීවත් වන විශාලතම මත්ස්‍ය විශේෂයක් වන මිනිමුතු මෝරා (Whale-Shark) නමින් හඳුන්වනු ලබන මත්ස්‍යයෙකු අද (29) දිනයේ ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වෙනවා.

ත්‍රිකුණාමලයේ කල්ලරාව වෙරළට මෙලෙස ගොඩ ගැසූ මෙම මිනිමුතු මෝරා දිගින් අඩි 15 (මීටර් 4ක්) ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ මෙම මෝරා මාදැලක පැටලීම නිසා මියගොස් මෙලෙස වෙරළට ගොඩ ගසන්නට ඇති බවයි.

කෙසේ වෙතත් ත්‍රිකුණාමල වනජීවි නිලධාරීන් විසින් මෙම මත්ස්‍යයා පිළිබඳව වැඩිදුර පරික්ෂණ ආරම්භ කරලා.

ශරීරයේ ඇති සුදු පැහැති තිත් වැනි ආකාරයත්, මෝරෙකුගේ මෙන් පෙනුම නිසාත් ධීවරයන් විසින් මෙම මත්ස්‍යයා මිනිමුතු මෝරා ලෙස හඳුන්වනු ලබනවා. ලෝකයේ ජීවත් වන විශාලතම මත්ස්‍ය විශේෂයක් ලෙසද මෙම මිනිමුතු මෝරන් හඳුන්වනු ලබනවා.

ගොඩ ගැසූ මිනිමුතු මෝරාගේ දර්ශන පහතින්,

Rate this item
(0 votes)