May 04, 2024

ඔන්ලයින් ඉගෙන ගන්නා සිසුන් වෙත ෆෝන් දීමේ අලුත් වැඩක්

ඔන්ලයින් යටතේ අධ්‍යාපනය සිදුකරගෙන යාමට පහසු ගෙවීමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදී ගැනීමට ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

දුෂ්කර සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා මෙම ක්‍රමය හඳුන්වා දෙන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉගෙනුම ලැබීමට අපහසු දරුදැරියන් වෙනුවෙන් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

එහි දී කුඩා කණ්ඩායම් ලෙස රැස් වී ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 12:41