March 29, 2024

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම කඩිනම් කරයි

December 02, 2021

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම කඩිනම් කිරීමේ අරමුණින්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්  මහතා, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පෙරේදා (01) විදේශ අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල ප්‍රධානීන් සමග සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක කටයුතු ආයතනයේ  සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයකින් දැකගත හැකි සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමේ ඉදිරි ගමන පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළා.

ලෝකයේ විවිධ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාල 66 හරහා සෞඛ්‍ය, ආගම, ආහාර, පරිසරය, ක්‍රීඩා, චිත්‍රපට සහ සංගීතය ඇතුළු අංශ කිහිපයක් කෙන්ද්‍ර කොට ගත් සංචාරක ක්ෂේත්‍ර ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එහි ප්‍රගතිය මාසිකව සමාලෝචනය කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

විදේශ අමාත්‍යංශයේ, සංචාරක අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම හමුවට පුද්ගලික වශයෙන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා දූත මණ්ඩල  සහ දූත කාර්යාලවල ප්‍රධානීහු ඊට අතථ්‍ය අයුරින් සහභාගී වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 00:19