May 17, 2024

කැස්බෑ මරණ ගැන ධීවර ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෙරට බොහෝ දෙනෙකු කම්පා කරමින් දිනපතා වාර්තා වන කැස්බෑ මරණ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් දැඩි අන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

පසුගිය සමය පුරාවට ශ්‍රී ලංකාවේ සාගර කලාප අශ්‍රිතව ජීවත් වෙන කස්බෑවන් හා ඩොල්පින් ඇතුළු තවත් සාගර ජීවින්ගේ මිය ගිය සිරුරු වෙරළවලට ගොඩ ගසා තිබුණු බව ධීවරයන් මෙන්ම පාරිසරික ක්‍රියාකාරීන් දිගින් දිගටම කරුණු හෙළි කරමින් සිටියා.

මේ සම්බන්ධව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින්ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ දකුණු පළාත තුළ වාර්තා වන අන්දමේ සාගර ජීවි හානි සිදුවන්නේ නැති බවයි. පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයේ හානියක් උතුරු පළාතේ වෙරළ තුළ සිදු නොවන බවද අමාත්‍යවරයා විසින් පවසා සිටියා.

මේ වන විට 40කට අධික කැස්බෑවන් පිරිසක් ගොඩ ගසා ඇති බවද පවසන අමාත්‍යරයා සඳහන් කර සිටියා. 

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන ඡායාරූප විවිධ පිරිස් විසින් අන්තර්ජාලයෙන් ලබාගෙන පළ කරන ඒවා බවද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)