තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ මහතාගේ කරේ එල්ලීමට අවශ්‍යතාවයක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ හිරු බලය වැඩසටහනට එක්වෙමිනි.
රනිල් වික්‍රමසිංහ යනු සූර කපටි දේශපාලකයෙක් බවත් ඒ මහතා අවුරුද්දකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් සඳහන් කරනවා.
සමඟි ජන බලවේගය ඇතුලේ අර්බුධය මෝරන්නට දී ඒ අර්බුධය හොඳට වැඩෙන කාලය බලා පාර්ලිමේන්තුවට ඒමට සූදානම් වීමක් ඇති බවද පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු ගාණක දේශපාලන ඉවක් ඇති බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාම පැමිණීමට හේතුවක් ඇති බවද පෙන්වා දෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන විට සමගි ජන බලවේගයේ සියලු දෙනා සර් යනුවෙන් පවසා නැගිටින බවද සඳහන් කරනවා.