April 27, 2024

විපක්ෂය අද කියන කතා එදා රනිල් ඉස්සරහ කියන්න ධෛර්යයක් තිබුනේ නැහැ

November 18, 2020

අද විපක්ෂයේ අයගේ ඔය කටහඬ එදා ආණ්ඩු කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී තිබුනා නම් විපක්ෂය තවමත් ආණ්ඩුවේ සිටින බව පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

විපක්ෂය අද ඔය කියන කතා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කිව්වා නම්, මහ බැංකුව කොල්ල කාපු වෙලාවේ කිව්වා නම්, අද පෙන්වපු ඔය ගණන් හිලව් එදා අපේ අය‍ට පෙන්වා දුන්නා නම් විපක්ෂයට ආණ්ඩුවක සිටීමට හැකියාව තිබු බවද එහෙත් එසේ කිරීමට ධෛර්යයක් විපක්ෂයට එදා නොතිබුණු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බලය අරන් මාස දෙකක් යාමටත් මත්තෙන් ඒ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා කල්ලියක් සමඟ මහ බැංකුව මංකොල්ල කන්න ගිය නිසා අවුරුදු හතර හමාරෙන් විපක්ෂයට යාමට සිදු වූ බවද මුසම්මිල් මහතා අවධාරණය කරයි.

Rate this item
(1 Vote)

Related items