May 12, 2024

ඇමති රත්තරන්ගෙන් අමුතු කතාවක්: මහින්දට බැන්නට කමක් නැහැ - මෛත්‍රීට බනින එකයි දුක

මේ දිනවල පුවත් මවන්නෙකු බවට පත්ව සිටින රෝහිත අභයගුණවර්ධන වරාය අමාත්‍යවරයා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොදුජන පෙරමුණේම එක්තරා මන්ත්‍රීවරයෙකු දොස් කීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකොට තිබෙනවා.

අමාත්‍යවරයා සිය ළඟම හිතවතුන් සමග මෙසේ අප්‍රසාදය පළ කොට තිබෙන්නේ ඔහු නායකත්වය දරන කළුතර පොදු ජන පෙරමුණ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී තේරීපත්වූ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පිළිබඳවයි.

උදව් කළ ජනපතිවරුන් දෙදෙනාටම දොස්

මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ඔහුට උපකාර කළ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනපතිවරුන් දෙදෙනාටම විටක හොඳ කියා තවත් විටෙක දොස් කීම පෙන්වා දෙමින් අමාත්‍යවරයා සඳහන් කොට තිබෙන්නේ සමරසිංහ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට දොස් කීම සම්බන්ධයෙන් ඔහු ගැන තමන්ට ප්‍රශ්නයක් හෝ අප්‍රසාදයක් නොමැති නොමැති බවයි.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා මහ මැතිවරණයේදී පරාජය වීමෙන් පසු බොහෝ දෙනාගේ විරෝධතා නොසලකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කොට ප්‍රබල අමාත්‍ය ධුර ලබා දුන් බවත් එක් අවස්ථාවකදී තමන් අද කටයුතු කරන වරාය අමාත්‍ය ධූරයද ලබා දුන් බවයි අභයගුණවර්ධන අමාත්‍යවරයා සිහිපත් කරන්නේ.

කෙලෙහි ගුණයක් නැති මිනිහෙක්

එහෙත් සිරිසේන ජනපතිවරයාගේ පාලනයේ අවසාන කාලයේදී සමරසිංහ මන්ත්‍රීවරයා තමන්ට සලකපු සිරිසේන මහතාට ද දොස් කියමින් ශ්‍රීලනිපයද අතහැර සිය පෞද්ගලික දේශපාලන වාසිය තකා කටයුතු කළ බව පෙන්වා දෙමින් අභයගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරන්නේ සමරසිංහ මන්ත්‍රීවරයා කෙලෙහි ගුණයක් නැති පුද්ගලයකු බවයි.

ඒ සම්බන්ධයෙන් තමාට සමරසිංහ මන්ත්‍රීවරයා ගැන තරහක් මෙන්ම පිළිකුලක් තිබෙන බව අමාත්‍යවරයා සිය කිට්ටු හිතවතුන් හමුවේ වැඩි දුරටත් සඳහන් කොට තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 10 June 2021 20:29