May 10, 2024

අලුත් කොවිඩ් එන්නතක් ලංකාවට

මෙරට භාවිතවන ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් වී සහ සයිනොෆාම් එන්නත්වලට අමතරව පළමු වරට ෆයිසර් (Pfizer) කොවිඩ් මර්ධන එන්නත ද මෙරටට ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ජුලි මාසයේදී මෙරටට ලැබීමට නියමිත බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජයසුමන පවසන්නේ.

මෙම වසර තුළ එම එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ලැබීමට නියමිත බව ද සඳහන්.

එහි පළමු කොටස ලෙස යි ලබන මාසයේ දී මාත්‍රා ලක්ෂ 03ක් ලැබීමට නියමිතව ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 June 2021 09:27