May 20, 2024

(EXCLUSIVE) රූ කිරුළ ගැලවූ සැලසුමේ ඉලක්කය තනතුරක්! සැඟවුණ සැලසුම චන්දිමාල් ප්‍රථම වරට හෙළිකරයි (VIDEO)

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ඊලඟ වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟවලියේ ජාතික අධ්‍යක්ෂ ධූරය බලාපොරොත්තුවෙන් කටයුතු කළ බව මේවන විට ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කළේය.

ලෝක විවාහක රූ රැජින තරඟාවලිය පවත්වන ලෝක සංවිධානයෙන් මෙරට ජාතික අධ්‍යක්ෂ වන චන්දිමාල් ජයසිංහ මහතාට කතා කොට ප්‍රකාශ කර ඇත්තේ ඊලඟ වසරේ ජාතික සංවිධායක ධූරය සඳහා කැරොලයින් ජූරිගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි.

කැරොලයින් ජූරිට එම අධ්‍යක්ෂ ධූරය අවශ්‍යනම් තමාගෙන් ඉල්ලුවානම් එය ලබා දෙන බවත් හෙට පුෂ්පිකාද සිල්වා එම තනතුර ඉල්ලුවහොත් එය ඇයට ලබා දීමට තමා කැමැත්තෙන් එය ලබා දෙන බවත් චන්දිමාල් ජයසිංහ මහතා පැවසීය.

එම තනතුර ලබා ගැනීමේ අරමුණින් මේ වසරේ පැවැති  ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟවලියේ සිදුවූ ප්‍රශ්නය නිර්මාණය කරන්නට ඇති බව තමා විශ්වාස කරන බවත් ඇයට ලබන වසරේ සිට ජාතින සංවිධායක ධූරය අවශ්‍යව තිබූ බව හෙළි ව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහා ඇය සැලසුම් කර තිබුණේ ඇයට පාලනය කළ හැකි තරඟකාරියක් මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස පත් කර ගැනීම බවත් පෙන්වා දෙන චන්දිමාල් ජයසිංහ මහතා ඒ සඳහා ඔවුන් සියල්ල සැලසුම් සහගත ලෙස සංවිධානය කර තිබූ බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සහ මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමඟ සිදුකළ ඒෂියන් මිරර් මතවාද වැඩසටහනේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 09 May 2021 03:28