May 03, 2024

“ඇත්තටම කළකිරීමෙන් ඉන්නේ“ - ඇමැති සුදර්ශනී දේශපාලන තීන්දුවකට සූදානම්

තමන් දේශපාලනය පිළිබද කලකිරීමෙන් සිටින බවත් ඉදිරියේදී දේශපාලනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුව වන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

තමන් පොදුජන පෙරමුණේ සාමාජිකාවක් වුවත් පොදුජන පෙරමුණේ ඇතැම් ඇය එම සාමාජිකත්වය පිළිනොගන්නා බවත් විවිධ වෙනස් කොට සැලකීම් තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

මේ යන දේශපාලන රටාව සහ සිදුවන වෙනස් කොට සැලකීම් සමඟ ඇත්තටම කළකිරීමක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය.

කෙසේවෙතත් පක්ෂ මාරු කිරීමේ කිසිදු අදහසක් තමමන්ට නොමැති බවද වැඩිදුරටත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය සදහන් කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ හිරු නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 25 April 2021 09:58