May 02, 2024

නිරුවතින් පලා ගිය පොහොට්ටු මන්ත්‍රීවරයා පළමුවරට සිද්ධිය ගැන කතා කරයි

පසුගියදා සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අන්තර්ජාල පුවත්පතක් වෙත පළමුවරට එම සිදුවීම ගැන අදහස් පළ කර තිබේ.

මෙලෙස අදහස් පළ කර තිබුණේ එම සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරයා ලෙස සමාජ මාධ්‍ය තුළ නම පළ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ය.

ඔහු එහිදී කියා තිබුණේ “මගේ නිරුවත දන්නේ මමනේ... ඕවා දේශපාලනික වශයෙන් මඩ ගහන්න කරන වැඩ... ඕවා කළා කියලා අපි වැටෙන්නේ නැහැ... තව තව ඉස්සරහට යනවා... ඕවා කරන අය තමයි වැටෙන්නේ.. ඒ හින්දා මම ඕවා ගණන් ගන්නේ නැහැ...” ලෙසිනි.

පසුගිය මාර්තු 23 වැනිදා තරුණියක් සමඟ නිරුවතින් සිටි දේශපාලනඥයෙකු සිය කාර්යාලයේදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු විය. මෙම සිදුවීම අදාළ තරුණියගේ සැමියා විසින් පටිගත කර ඇති අතර එය දුටු එම දේශපානඥයා විසින් නිරුවතින්ම පැන ගොස් තිබුණි.

මෙම සිදුවීම පසුව අන්තර්ජාලයට මුදා හැර තිබුණි.

Rate this item
(7 votes)