May 02, 2024

නිරුවතින් දිව්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ගැන පොඩි ඉඟියක්: "සහන" වැඩ වලට රුසියෙක්ලු

මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙන වෙනත් අයෙකුගේ බිරිඳ සමග සිට නිරුවතින් දිව ගිය පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳ ප්‍රවෘත්තිය නිවැරදි බව ඔහු නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ බොහෝ දෙනෙකු තහවුරු කර තිබේ.

ඔහු නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකු එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් දැක්වීම්(COMMENTS) වලින් ඒ බැව් තහවුරු වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර මැතිවරණ කොට්ඨාශය මුල්කොටගෙන දේශපාලනය කරන මෙම දේශපාලනඥයා ප්‍රදේශයේ මෙවැනි අනියම් සම්බන්ධතාවලට කප් ගහපු පුද්ගලයෙක් බව වාර්තා වේ.

විශේෂයෙන්ම විවාහක කාන්තාවන්ට විවිධාකාර "සහන" ලබාදීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයා මහර මැතිවරණ කොට්ඨාශයේ ප්‍රසිද්ධියක් උසුලයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනය හා බැඳුණු රාජ්‍ය කමිටුවක සභාපතිවරයා ලෙසද මෙම මන්ත්‍රීවරයා කටයුතු කරයි.

මන්ත්‍රීවරයා නිරුවතින් දිවයන වීඩියෝ පටයක් ඔහු සමඟ සිටි කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ මෙම සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 24 March 2021 14:43