May 17, 2024

ගෙවුන මාස 15ට රක්ෂිත 207ක අක්කර 65000ක් කපලා : එහෙම කියන්නේ අපි නෙවෙයි - වන සංරක්ෂණ වාර්තාවයි

පසුගිය මාස 15 තුල රක්ෂිත 207ක අක්කර 65000ක් කපා ඇති බව රජයේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා වී තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය රජය යටතේ කිසිදු වන විනාශයක් සිදු වී නොමැති බව පුන පුනා ප්‍රකාශ කරන්නේ සිය රජය යටතේම ඇති වනය සම්බන්ධයෙන් වගකීමක් තිබෙන ආයතනයක් විසින් නිකුත් කර තිබෙන වාර්තාව ගැන අවබෝධයක් නොමැති නිසා බවද ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එනිසා සිය රජය යටතේ වන විනාශයක් සිදු නොවන බව ප්‍රකාශ කිරීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව කියවන ලෙස ජයගොඩ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කරයි.

ජනපතිවරයා හැටියට පමණක් නොව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසද පරිසරයේ අලංකාරයට හා සුරක්ෂිතතාවයට තමන් තරම් වැඩ කටයුතු කළ වෙනත් කිසිවකු නොමැති බව ජනපතිවරයා කීප වතාවක්ම ප්‍රසිද්ධියේම කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජයගොඩ මහතා මෙම අදහස් පල කරන ලදී.

පුබුදු ජයගොඩ මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 24 March 2021 03:34