May 05, 2024

ඉන්දියාවේ අදානි ඉල්ලන 51% අයිතිය රජයේ ස්ථාවරය නොවේ - කැබිනට් ප්‍රකාශක

කොළඹ වරාය බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා වූ ආයෝජනයේදී ඉන්දියාවේ අදානි සමාගමට වැඩි අයිතියක් එනම් 51% ක අයිතියක් ලබාදීමට ආණ්ඩුව එකඟ වී නොමැති බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

අමාත්‍යවරයා මෙම හෙලිදරව්ව කරනු ලැබුවේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බටහිර ජැටියෙ ආයෝජනයේ 51% ක අයිතිය තමන්ට අවශ්‍ය බවට අදානි සමාගම කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

එය අදානි සමාගමේ මතයක් මිස රජයේ මතය නොවන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපාර ලෙස කෙරෙන ව්‍යාපෘතිවලදී වැඩි අයිතිය එනම් 51% ක අයිතිය මම තමන් සතුව තබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 12:12