May 01, 2024

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ජනපති හමුවෙන්න යයි

February 25, 2021

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින් රචිත “හෙළ වෙදකමේ යටගියාව” කෘතියේ පළමු පිටපත කතු හිමියන් විසින් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ඉපැරණි හෙළ වෙදකම එහි ස්වර්ණමය යුග සහ වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් කෘතියේ අන්තර්ගතය.

රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි සහ ගොඩගේ ප්‍රකාශන අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)