May 21, 2024

"විමල් - මහින්ද වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා : කෑ ගහන අය ඒවා දන්නෙ නෑ"

February 11, 2021

2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

තමන් ද ඒ ඉදිරියෙන්ම සිටි පුද්ගලයකු නිසා මෙම එය අවිවාදයෙන්ම පිළිගත යුතු බවද ඒ මහතා කියා සිටියි.

මහින්ද සුළග සංවිධානය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයන් පස් දෙනාගෙන් එක් අයකු වන්නේද විමල් වීරවංශ මහතා බව මන්ත්‍රීවරයා පැවසීය.

අද කෑ ගසන අය ඒවා නොදන්නවා වූවාට විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

Rate this item
(1 Vote)