May 17, 2024

ඉන්දියාව දුන් ණය නැවත ඉල්ලයි? ඩොලර් මිලියන 400ක ණය මුදල වහාම ලංකාව පියවා දමයි

February 05, 2021

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි.

එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. 

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි.

මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර ඇති බවයි.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.

Rate this item
(0 votes)