May 02, 2024

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන්  තිදෙනා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21) නියම කලේය .
 
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන්  ඔවුහු  රිමාන්ඩ් බාරයේ  සිටිති.
 
ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

Rate this item
(0 votes)