May 06, 2024

පළාගිය කොවිඩ් රෝගියා සොයාගැනේ

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ, පැල්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම ආසාදිතයා අද (20) උදෑසන සොයාගනු ලැබු බවය.

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 43 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පළාගොස් තිබිණි.

ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ අයෙක් බවත් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගියෙක් පළා යයි

Rate this item
(0 votes)