April 26, 2024

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගියෙක් පළා යයි

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළාගොස් තිබේ.

ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ එම ආසාදිතයා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොහුට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මොහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර පසුගිය 17වනදා ඔහු වාලච්චචේන පොලිස් වසමේ පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇත.

ඔහු කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ පුද්ගලයෙක් වන අතර ඔහුගේ ස්ථීර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ බවට වාර්තා වේ.

මොහු 43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමති අයෙකි.මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වේ.

ඉහත ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119

Rate this item
(0 votes)