May 18, 2024

දිවයින පුරා දහම් පාසල් සඳහා නිවාඩු දෙයි

දිවයින පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇතැයි  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම පාසැල් සඳහා නිවාඩු ලබාදී ඇති අතර ඊට සමගාමීව මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.

පාසැල් ආරම්භ කිරීමට සමගාමීව දහම් පාසැල් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පිළිපදිමින් නැවත ආරම්භ කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

Rate this item
(1 Vote)