May 18, 2024

20 ගැන ශ්‍රී.ල.මු.කො ස්වාධීන මතයක - ආණ්ඩුවට සහාය දෙන ස්ථාවරයක

September 29, 2020

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව තම පක්ෂය ස්වාධීන තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජන බලවේගයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබලවේගයේ සන්ධානගත පාර්ශවයක් වේ.

එහෙත් තමන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතියක් තිබෙන බව එම පක්ෂයේ උප සභාපති වන ඒ.එම්.එම් හාරිස් මහතා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කොට තිබේ.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් තම පක්ෂයට ලබා දෙන බවට ලිඛිත එකඟතාවයක් තිබූ අතර එය සමගි ජන බලවේගයේ නායකයන් විසින් කඩ කළ ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගත් මෙම තීරණයට එය පාදක නොවූ බවද හාරිස් මහතා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ඉතා කඩිනමින් ආණ්ඩුවට එක් වීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බව ප්‍රකට කරුණක් වන අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්වාධීන මතයකට පැමිණීම එහි එක් පියවරක් වේ.

20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කිරීමට මේ වන විටත් සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

Rate this item
(0 votes)