May 05, 2024

රතන හිමි කපටියෙක් - මම ඒකට සලකන්නෙ නෑ

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටිකමට තමන් ගරු කළද උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙවර පාර්ලිමේන්තුවට යාම සඳහා ජනතා ව්‍යාපාරය භාවිතා කරන්න ඉඩ නොතබන බවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව ඇතිව තිබෙන ප‍්‍රශ්ණය පක්‍ෂ ලේකම්වරයා සොයා ගෙන විසඳීමට රතන හිමියන් කටයුතු කළ යුතු බව ද උන් වහන්සේ පවසති.

තමන්ට පාර්ලිමේන්තු යාම සඳහා මෙම ව්‍යාපාරය භාවිතා කරන්න එපා යැයි පැවසූ ඥාණසාර හිමියෝ තමනට මන්ත්‍රීධුර ඇතත් නැතත් ප‍්‍රශ්නයක් නැතිබවත් මන්ත්‍රීධුර තිබිලා නැති වෙච්චි අයට වැඩි වශයෙන් දුක දැනට බවත් පැවැසූහ.

මන්ත‍්‍රීකම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණ වලට යන්නේ නැති බවත් මන්ත‍්‍රීකම් ඇතත් නැතත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන සටන ඉදිරියට ගෙන යාමට කැප වන්නේ යැයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

කොළඹ දී පැවැති සමුළුවක් අමතමින් ඥානසාර හිමියෝ මේ බව කියා සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 August 2020 17:38