May 17, 2024

බැසිල්ගේ මල්වාන ඉඩම වෙන්දේසි කිරීමට උසාවියෙන් නියෝගයක්

මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් එම ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද(14) නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ මහතා උසාවියට කියා තිබුණේ එම ඉඩම තමාට අයත් නොවන බවයි. 

එබැවින් හිමිකමක් නොමැති එම ඉඩම විකුණා මුදල් නඩුවට බැර කරන්නේද නැද්ද සම්බන්ධයෙන් විත්තියෙන් ද අදහස් විමසා අද අධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතව තිබිණි. 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 16 October 2016 12:01