June 14, 2024

අලුත් පක්ෂයේ ලොකු වැඩක් බැසිල් අතට 

September 27, 2016

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව පක්ෂයේ විශේෂ කාර්යභාරයක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද පැවරූ බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය පවසයි. 

එම සංසදයේ කැඳවුම්කරු හිටපු ප්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරල මහතා සඳහන් කළේ නව පක්ෂයේ තනතුරු බෙදාදීමක් තවමත් සිදු වී නොමැති බවත් මේ නිසා පක්ෂයට තනතුරු ඇති කරන තෙක් සියලුම දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස පක්ෂයේ කටයුතු මෙහෙයවන බවත්ය. 

මේ අනුව පක්ෂ නායකයා ලෙස පත් කරගෙන සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නව පක්ෂයේ වැඩ කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය කිරීමේ කටයුතු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමට තීරණය කළ බවද ඔහු පැවසී ය. 

මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කරන දෑ නව පක්ෂය වෙත සම්බන්ධීකරණය කිරීමත් සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය. 

නව පක්ෂයට තනතුරු පත් කරනතුරු එහි කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් හා ඒකාබද්ධ විපක්ෂය වටා සිටින විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිස් විසින් සිදුකරනු ලබන බවත්, ආසනවල කටයුතු දැනට පත් කර සිටින කමිටු විසින් සිදුකරනු ලබන බවත් උදේනි අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)