May 04, 2024

කොටහේනේ නිවසකින් එකම පවුලේ 3කගේ මළ සිරුරු හමුවේ

අද (19) කොටහේන, ශාන්ත බෙනඩික් මාවතේ පිහිටි නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 03ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියා, පුතු සහ දියණියයි.

පොලීසිය සැක පළ කරන්නේ ඔවුන් වස පානය කර සිය දිවි හානි කරගෙන ඇති බවටයි.

මේ වන විට ඔවුන්ගේ මෘත ශරීර කොළඹ ජාතික රෝහලට රැගෙන විත් ඇති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 August 2016 15:19