May 04, 2024

සාලාවේ තවත් අනතුරක්: අයෙක් මරුට

අවිස්සාවේල්ල - කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශ වී තිබූ කඩ කාමරයක් පිළිසකර කිරීමට ගිය එහි හිමිකරුවා ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණුවක් කඩාවැටී ඊට යටවී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සාලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 68 හැවිරිදි පුද්ගලයෙකි.

කොස්ගම පොලීසිය ප්‍රකාශ කළේ අද (16) උදෑසන තවත් පුද්ගලයෙකු සමඟ මෙම වෙළඳසැල් හිමිකරු අදාළ ගොඩනැගිල්ලේ විනාශ වුණු කොටස් ඉවත් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

ඔහු අනතුර සිදුවූ අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

14010081_165827297182128_1973604261_n

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 August 2016 16:23