May 20, 2024

දයා මාස්ටර් රක්ෂිත බන්ධනාගාරයට

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට වව්නියාව මහා අධිකරණයේ විනිසුරු බී. සශි මහේන්ද්‍රන් මහතා අද (10) නියෝග කළේය.

පසුගිය 2009 වර්ෂයේදී නීතිවිරෝධී ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරීම සහ අවසන් යුද සමයේදී සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය බලහක්කාරයෙන් තබාගැනීමට සම්බන්ධවීම යන චෝදනා යටතේ දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 August 2016 15:57