May 17, 2024

පාද යාත්‍රාව අරඹන හැටි මහින්ද හෙළි කරයි (VIDEO)

අධිකරණ නියෝගයට ගරු කර ඒකාබද්ධ විපක්ෂයේ 'ජන සටන' පාද යාත්‍රාව ගැටඹේ පන්සල අසලින් අාරම්භ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (27) පස්වරුවේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා," අපිට ආරංචියක් තියෙනවා, අධිකරණ නියෝගයක් අරගෙන තියෙනවා කියලා. අපි පාද යාත්‍රාව ඒ ආකාරයෙන්ම පටන් ගන්නවා. නමුත් ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා." යි පැවසීය.

ඊයේ පස්වරුවේ දළදා මාලිගාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පළමුව අස්ගිරි පාර්ශවයේ මහ නායක පූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහ නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ඉන් අනතුරුවය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 11:12

Related items