July 05, 2024

'නංගි කෝච්චියට තල්ලු කරනවා දැක්කෙ නෑ' - සිසුවියගේ සොයුරා කතාව වෙනස් කරයි

පසුගියදා අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් මාතර සිට රඹුක්කන බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටිමෙන් මිය ගියේය.

මෙසේ මිය ගියේ අම්බලන්ගොඩ, කලුවඩුමුල්ල ගාමිණි මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි නිමේෂා ලක්මාලි නමැති පාසල් සිසුවියකි.

ඇය අම්බලන්ගොඩ, ගොඩහේන බෝධිය අසල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය වූ දින මෙම පාසල් සිසුවිය තරුණයකු සමඟ දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයක කථා බස් කරමින් සිට ඇත.

එම අවස්ථාවේ මෙම සිසුවියගේ සොහොයුරා කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ගමන් කරමින් සිට ඇති අතර එහිදි තම නැගණිය තරුණයකු සමඟ කථා බස් කරමින් සිටින අයුරු මොහු දැක තිබේ. පසුව ඔහු දුම්රියෙන් බැස එම ස්ථානයට ගොස් ඇත.

එහිදී නැගණිය අයියාට බියවී දිවීමට යාමේදී මාතර සිට රඹුක්කන බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ දෙවන මැදිරියේ ගැටීමෙන් මියගොස් තිබේ.

සිද්ධිය සිදුවූ අවස්ථාවේ මියගිය සිසුවියගේ සහෝදරයා පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කොට තිබුණේ නැඟණිය සමඟ කථා බස් කරමින් සිටි තරුණයා ඇය දුම්රියට තල්ලුකොට දැමු බවය.

නමුත් පොලීසිය ඔහුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරිම්වලින් පසු ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් මුලදි එවැනි ප්‍රකාශයක් කළේ බයට බවත් එසේ තල්ලු කිරිමක් සිදු නොවු බවත් ය.

කෙසේවෙතත් මෙම සිසුවිය දුම්රියට පැන්නා ද ඇය එයට ගැටුනාද යන්න පිළිබදව පරික්ෂණ අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරයි.

ගාල්ල - ලලිත් චාමින්ද

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 12:44