May 17, 2024

හම්බන්තොටින් මත්තලින් මහින්දගේ නම ගලවන්න රනිල් බෑ කියයි

හම්බන්තොට වරායෙන් හා මත්තල ගුවන්තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ යන නම ඉවත් කරන්න යැයි එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය නායකයන් විසින් කරන ලද ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

යහපාලන ආණ්ඩුවෙන් සිදුකිරීමට නියමිත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වන මේ ස්ථාන දෙකෙහි තිබෙන මහින්ද රාජපක්ෂ යන නම ඉවත් නොකරන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 July 2016 09:37