May 17, 2024

මහින්ද සහ රත්වත්තේ ඡායා කැබිනට්ටුවෙන් ඉවතට?

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (07) ප්‍රකාශයට පත් කරන ලද ඡායා කැබිනට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමන් එයින් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ රත්වත්තේ මහතා කියාසිටියේ මෙම ඡායා කැබිනෙට්ටුවට පිළිබඳව සහ එයට තමන් ඇතුළත් බව මාධ්‍ය මගින් වාර්තා කරන තෙක් නොදැන සිටි බවයි.

මේ අතර ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද තමන් එයින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යාංශ වෙනුවෙන් අධික්ෂණ මන්ත්‍රීවරුන් පත්කිරිමට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති නමුත් ඒ වෙනුවෙන් ඡායා කැබිනෙට්ටුවක් පත් කරන්නැයි ඔහු උපදෙස් ලබා දී නොමැති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 July 2016 13:08

Related items