May 10, 2024

විද්‍යා ඝාතකයින් ප්‍රථම වතාවට මහාධිකරණයට ඉදිරිපත් කෙරේ (PHOTOS)

යාපනය විද්‍යා නමැති පාසල් සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඊයේ (11) පළමු වරට යාපනය මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පසුගිය 2015 වසරේ මැයි මස 13 වනදා යාපනය කයිට්ස් පුන්කුඩිතිව් ප‍්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කරනු ලැබූ විද්‍යා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන් ගණන 11කි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 11 දෙනාගෙන් සැකකරුවන් 09 දෙනෙකු ඊයේ දින මෙසේ යාපනය මහාධිකරණය වෙතට ඉදිරිපත් කළ අතර එහිදී යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් ලබන අගෝස්තු මස 10 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් නඩු විභාගයන් සිදුවූවේ යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයේ වන අතර එම නඩුවේ අවසන් තීන්දු ලබා දීම සඳහා මහාධිකරණයට ඉදිරිපත් කොට ඇත.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 May 2016 11:41