May 18, 2024

සෝභිත හිමි අපවත්වීම:CIDය පරීක්ෂණ අරඹයි

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) සිට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

උන්වහන්සේගේ අපවත්වීම කුමන්ත්‍රණයක්‌ මත සිදුවී ඇති බවට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු කිහිපදෙනකු විසින් පසුගිය දිනවල කළ ප්‍රකාශ සැලකිල්ලට ගෙන මෙම පරීක්‍ෂණ ආරම්භ කළ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙම අපවත්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති, අගමැති සහ පොලිස්‌පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්‌ කර ඇත.

එම ඉල්ලීම ද සැලකිල්ලට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්‍ෂණයට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සහාය ලබාගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 March 2016 06:54