June 16, 2024

'තාජුඩීන් ඝාතනයේ CCTV බැලීම හදිසියේ බෑ' - පොලීසිය

February 17, 2016

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ ඝාතන සිද්ධියට අදාළ CCTV කැමරා දර්ශන පරීක්‍ෂා කිරීම හදිසියේ සිදුකළ නොහැක්කක් බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙම CCTV දසුන් පරීක්‍ෂා කිරීමට ජාත්‍යන්තර සුප්‍රසිද්ධ අපරාධ පරීක්‍ෂණ ආයතනවල සහාය ලබා ගැනීමට අවශ්‍ය බව ද පොලීසිය සඳහන් කර තිබේ.

අධිකරණය භාරයේ මේ වන විට තබා ඇති අදාළ CCTV වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණ ආයතන කිහිපයකටම දන්වා අදාළ විය හියදම් පිළිබඳව ඇස්‌තමේන්තු කැඳවා ඇතැයි ද තාජුඩීන් මහතාගේ මරණයට අදාළ CCTV කැමරා දර්ශන ඇතුළත් වීඩියෝ පට මෙසේ ජාත්‍යන්තර පරීක්‍ෂණ ආයතන වෙත ලබාදීමට අපේක්‍ෂා කරන්නේ එම දර්ශන වෙනස්‌ කිරීමට කිසිවකුට ඉඩ නොදීමේ පරමාර්ථයෙන් බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 February 2016 07:02