May 18, 2024

ශිරන්ති අද බරපතල වංචා කොමිසමට

February 01, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (01) බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ  පෙනී සිටීමට නියමිතව තිබේ.

පසුගිය පාලන සමයේ රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස සිටි පුද්ගලයෙකුට නියමිත තක්සේරුවෙන් තොරව නිවසක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඇය  මෙසේ කොමිසම වෙත පැමිණීමට නියමිත ය.

කහතුඩුවේ පිහිටි රුපියල් ලක්ෂ 55ක් වටිනා මෙම නිවස රුපියල් ලක්ෂ 5කට ඔහුට ලබාදී ඇති බවත් අදාළ නිවස ලබාදෙන ලෙසට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ශිරන්ති රාජපක්ෂ මහත්මිය නියෝගයක් ලබාදී ඇති බවත්යි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)