May 19, 2024

හිටපු ඇමති සරණ පොලීසියට කැඳවයි

පසුගිය මැතිවරණ සමයේ තරුණයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය පවසයි.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ මැතිවරණ පැමිණිල්ලක් මත සරණ ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ බවත් පසුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.

මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය චිනාරි ගුණවර්ධන මහත්මියගේ නම සහිත කොඩි කණු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටුවනවාට විරුද්ධ වු තරුණයකුට ගම්පහ අධිකරණය ඉදිරිපිටදී පහර දී ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

පහර කෑ බව කියන තරුණයා දින දෙකක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

Rate this item
(0 votes)