May 21, 2024

මඩකලපුව මංගලගම ජනතාවගේ සහය සන්ධානයට 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා මංගලගම ගම්මානයට ගිය අවස්ථාවේ දී එහි ජනතාව ඔහු මහත් හරසරින් යුක්ත ව පිළිගෙන ඇති අතර ඔවුන්ගේ සහාය හිස්බුල්ලා මහතාට ලබාදෙන බව පවසා තිබේ.

කල්කුඩා කොට්ඨාශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩී.එම්. චන්ද්‍රපාල මහතාගේ සංවිධානයෙන් ජනතා හමු පැවැත් විය. ප්‍රදේශයේ ප්‍රධානීන් ද ඊට සහභාගී වූ අතර ඔවුන්ගේ සහය ද ඔහුට ලබාදෙන බව සඳහන් කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාව තවමත් නැවත පදිංචි කර නොමැත. චෙංගලඩි හා වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මංගලගම, සින්නවත්ත, කෙවුලියාමඩු ඇතුළු ගම්මානවල සිංහල ජනතාවන් දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වෙති.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)