May 21, 2024

ගොඩගත යුතු තවත් මළසිරුරු ගැන ඩිලාන් කියයි

මැතිවරණ කටයුතුවල දී බංකොළොත් වූ එජාපය ගොඩගත යුතු මළ සිරුරු වෙනුවට ඔවුන්ට අදාළ නැති වෙනත් මළ සිරුරු ගොඩ ගනිමින් තම ඡන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ අද (10) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

මහ මැතිවරණය පිළිබද බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා නීතිඥයන් පිරිසක් වෙන වෙනම කළ සමීක්ෂණ අනුව සන්ධානය ආසන 118ක්, 114 ක් හෝ 112 ක් ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි ද ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.

Rate this item
(0 votes)