May 12, 2024

මහමැතිවරණයට අමෙරිකානු රජයෙන් අනතුරු හැඟවීමක්

මෙම මස 17 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතින බව අමෙරිකානු රජය ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු රජය මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට සිදු කෙරෙන ආරක්ෂක නිවේදනයක් වශයෙනි.

මෙම නිසා ශ්‍රී ලංකා ජනමාධ්‍ය හරහා නිතර යාවත්කාලීන වෙමින් දැනුවත් වන ලෙසටත්, දේශපාලන රැස්වීම් හා රැලිවලට සහභාගීවිමෙන් වළකින ලෙසටත් අමෙරිකානු  රජය ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දී ඇත.

ඕස්ට්‍රේලියානු රජය ද ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලබන 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මිට සති දෙකකට පෙර මෙවැනිම අනතුරු ඇගවීමක් සිදු කර තිබුණි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 09 August 2015 00:09