May 10, 2024

නිරුවත් කොට පහර දීමේ සිද්ධියේ කාන්තාව සියදිවි නසාගනී

කාන්තාවන් දෙදෙනෙකු විසින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එක් දරු මවක් නිරුවත් කර ගසක බැඳ පහර දුන් සිද්ධියට අදාල පහර කෑ කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

ඇගේ සැමියා විදේශගතව සිටින අතර පහරකෑමෙන් තුවාල ලැබු අදාළ කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා නිවසට පැමිණිමෙන් පසු අද (08) දහවල් ගෙළ වැළලාගෙන ඇත.

පසුගිය 04 වෙනි දා සවස අදාළ පහර දීම සිදු වී ඇති අතර පහර දීම සිදු කළ එක් කාන්තාවකගේ සැමියා සමග පහර කෑ කාන්තාව අනියම් සබඳතාවක් පවත්වා ඇති බවට චෝදනා කරමින් මෙම පහර දීම සිදු කර ඇත.

පහරදුන් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලබන මස 08 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සබැඳි පුවත්

දඹුල්ලේ කතක් නිරුවත් කොට ගස් බැඳ පහර දෙයි
Rate this item
(3 votes)
Last modified on Saturday, 08 August 2015 16:54