May 10, 2024

වටරැක විජිත හිමිගේ ඉළ ඇටයක් කඩලා - බොදු බල සේනාවට චෝදනා

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි වටරැක විජිත හිමියන්ට භික්ෂූන් වහන්සේලා පිරිසක් හිරිහැර කළ බවත් පසුව උන්වහන්සේ පොලිස් පහර කෑමකට ද ලක් වූ බවත් එහිමියන්ගේ නීතීඥ සේනක පෙරේරා මහතා පවසා ඇත.

නීතීඥවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වන විට වටරැක විජිත හිමියන් රෝහල් ගත කර ඇති බව යි.

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පැහැරගෙන විහාරස්ථානයකට ගෙන ගොස් විජිත හිමියන්ට මෙසේ හිරිහැර කර ඇති බව ද ඔහු පවසා තිබේ.

වැඩිදුටත් අදහස් දැක්වූ පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා ඇත.

"කෙසෙල්වත්ත පොලිසියේ වාහනයක් එතනට ඇවිත් තිබෙනවා. එම වාහනයට හාමුදුරුවන්ව බලහත්කාරයෙන් නංවා ගෙන තියෙනවා. පස්සේ පෑලියගොඩ පාලු ස්ථානයක දී වාහනයෙන් බස්සවා තියෙනවා. අර භික්ෂූන් වහන්සේලා එතනටත් ත්‍රීවීල් එකකින් ඇවිල්ලා තියෙනවා. එතනදී පොලිස් නිලධාරියා එල්ල කළ පහරකින් තමයි විජිත හිමියන්ගේ ඉළ ඇටයක් බිඳිල තියෙන්නේ."

වටරැක විජිත හිමියන්ට පහර දීම පිටුපස බොදු බල සේනා සංවිධානය සිටින බවට නීතීඥ සේනක පෙරේරා මහතා චෝදනා කර ඇති අතර තම සංවිධානයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා ප්‍රකාශ කර තිබේ.

"වටරැක විජිත හාමුදුරුවෝ කියන පුද්ගලයාට පහර දීමට බොදු බල සේනාව කිසිදු තීරණයක් ගත්තෙත් නැහැ, එවැනි තීරණයක් ගන්නෙත් නැහැ. නමුත් මෙයා කරන ක්‍රියාකාරකම් නිසා කලබලයට පත් වෙච්ච් හාමුදුරුවරු පිරිසක් නැත්නම් මේ ගොල්ලොම ඕගනයිස් කරපු දෙයක් වෙන්නත් පුළුවන්. අපි ඔක්කොම මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිනවා, මේ හාමුදුරුවෝ ගැන මතකයක් වත් තිබුනේ නැහැ." යනුවෙන් විතානගේ මහතා වැඩිදුරටත් පවසා ඇත.

මේ පිළිබඳ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කොට ඇත්තේ එවැනි පොලිස් පහරදීමක් පිළිබඳව වාර්තා වී නොමැති බව යි.

සබැඳි පුවත්

'කෙළ ගහලා මදි! ජාතික කොඩිය ගිණි තැබිය යුතුයි!' - වටරැක විජිත හිමි (VIDEO)
Rate this item
(0 votes)
Last modified on Saturday, 08 August 2015 02:32