May 20, 2024

'කෙළ ගහලා මදි! ජාතික කොඩිය ගිණි තැබිය යුතුයි!' - වටරැක විජිත හිමි (VIDEO)

මින් පෙර අවස්ථා ගණනාවක දී විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට සම්බන්ධ වූ මහියංගණ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී, නව සම සමාජ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පූජ්‍ය වටරැක විජිත හිමියන් ඊයේ (23) ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා ජාතික කොඩිය විවේචනයට ලක් කළහ.

ඒ "ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු"යන තේමාවෙන් යුතුව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නව සම සමාජ පක්ෂය විසින් සංවිධානය කරනු ලැබ තිබූ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ මොහොතේ දී ය. එය මරදාන සමාජ හා සාමාජයික කේන්ද්‍රයේ දී පැවැත්විණ.

වත්මන් ජාතික කොඩියට කෙළ ගැසී‍මෙන් ඔබ්බට ගොස් එය ගිණිතැබිය යුතු බව උස් හඬින් ප්‍රකාශ කර සිටි විජිත හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ බෝ පත් හතරක් සහ සිංහයෙකු යොදාගෙන වත්මන් ජාතික කොඩියෙන් හතරෙන් තුනක්ම ගෙඩිය පිටින් වෙන් කර ගෙන ඇත්තේ සිංහලයාට බවත් බුදු දහම සහ මාක්ස්වාදය යනු එකක් බවත් ය.

මෙම ප්‍රකාශයේ වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 July 2015 13:18