May 11, 2024

'මට ඉන්නේ මං විතරයි' - ගම්මන්පිලගේ රහස් හඩ පටය මෙන්න (VIDEO)

තමාගේ කටහඩට සියයට 90ක්ම සමාන ව්‍යාජ හඩපටයක් අන්තර්ජාලයට මුදා හැරීමට තම විරුද්ධවාදීන් කටයුතු කර ඇති බවත් එය ව්‍යාජයක් බව හොඳින්ම හදුනාගත හැකිවන්නේ සාමාන්‍යයෙන් සන්සුන්ව කතා කරන තමා  එම හඬපටයේ ඉතා ඝෝශාකාරීව කතා කිරීම මගින් බවත් කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

කටහඬ අනුකරණය කිරීම ඉතා හොඳට කර තිබූ නමුත් කියන එම හඬපටයෙන් ඔවුන් පවසන්නට උත්සාහ දරණ කාරණය අතාර්තික බව ඔහු සඳහන් කළේය.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා පැවසූවේ තමා පළමු මැතිවරණයේදී ලක්ෂ 56ක් වියදම් කළ බවත් දෙවැනි මැතිවරණයේදී ලක්ෂ 98ක් වියදම් කළ බවත් එම මුදල් ගැන ප්‍රසිද්ධියේ කතා කළ බවත්ය.

තමා ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් රැවටූ අයුරු යනුවෙන් තවත් හඬපටයක් අන්තර්ජාලයට නිකුත් කර ඇති බවත් එහි සඳහන් වන පරිදි තමා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේ අවස්ථාවට කිසිදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු සහභාගී කරවා නොගත් බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

කටහඬ අනුකරණය කිරීම කෙසේ වුවත් අදාළ කරුණු තාර්කිකව ඉදිරිපත් කිරීමට එය නිපදවූ පිරිස අසමත්ව ඇති බව පවසන ඒ මහතා මේ පිටුපස සිටින්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපය විකෘති කරමින් ෆොටෝෂොප් කරන ලද ඡායාරූප  ඉදිරිපත් කිරීමේ විශේෂඥයෙකු වන 'මෙගා බොරු චක‍්‍රවර්ති' ලෙස හැඳින්විය හැකි අයෙකු බව පවසා සිටියේ ය. එම තැනැත්තාගේ නවතම වික්‍රමය තමාගේ හඬ අනුකරණය කරමින් ව්‍යාජ හඬපට නිකුත් කිරීම බවත් ඔහු එළඹෙන මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරංග වදින බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

එම හඩපටය හා මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා පළ කළ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 August 2015 18:28