April 28, 2024

'මහින්ද - මෛත්‍රී නැවත විරසක වෙන්නේ නෑ' - එස්.බී කියයි 

කිසිසේත් රනිල්ට 18 වැනිදාට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා නොදෙන බවත් හදන ආණ්ඩුව හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් මහින්ද මෛත්‍රී සමග බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

මෛත්‍රිපාල ජනාධිපතිවරයාට පොඩි තරහක් මතු වී එක් අවස්ථාවක දී  අපේක්ෂකයින්ගේ ප්‍රශ්නයක දී මහින්දට නාම යෝජනා නොදෙන බව සඳහන් කළද ඒවා දැන් වෙනස් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

මහින්දයි මෛත්‍රීයි නැවත විරසකයට නොයන බවත් පක්ෂය නැවත දෙකට නොකැඩෙන බවත් දිසානායක මහතා අවධාරණය කළේ ය.

අර්ජුන, හිරුණිකා, රාජිත පක්ෂයෙන් ඉවත්වීමෙන් පක්ෂයට හානියක් වී ඇත්දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ  හානියක් වෙන්නත් පුළුවන් නමුත් ඒ අය දැන් එක්සත් ජාතික පක්ෂයට තරග කරන අය නිසාත්, සන්ධානය ආණ්ඩුවක් හදන්න යන බැවින් මන්ත්‍රී අඩු පාඩුවක් වුනොත් ගනුදෙනු බේරගන්න ‍අවශ්‍ය නිසා ඒ ගැන කිසිවක් නොකියන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

රතන හිමියන්ට මුල සිටම වුවමනා වී තිබුණේ මහින්ද මෛත්‍රී එකතු කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය එකතු කිරීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)