April 27, 2024

සහකාර මැ.කොට තර්ජනය කළ හිටපු ඇමතිගේ ආධාරකරුවන් 2ක් කොටු 

මඩකලපු සන්ධාන කණ්ඩායම් නායක ඉස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහිදී පසුගිය 03 වැනි දා පැවැති ප්‍රචාරක රැළිය නීති විරෝධී බවට ලද පැමිණිල්ලක් මත එහි ගිය මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ ඉස්බුල්ලා මහතා එම ස්ථානයේ නොසිටි බවත් සැකපිට කාත්තන්කුඩි හිටපු නගරාධිපති හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙවර මහමැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් ලෙස මොවුන් දෙදෙනා තරග කරයි.

කළුතර - බිමල් ජයසිංහ

Rate this item
(0 votes)