May 13, 2024

තැපැල් ඡන්දයට අදාල සිදුවීම් නිසා 14ක් අත්අඩංගුවේ

2015 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි. 

ප්‍රදේශ කිහිපයක ඇති වූ අර්බුදකාරී සිදුවීම් කිහිපයක් හැරුණුවිට බරපතල සිදුවීම් කිසිවක් මෙවර වාර්තා නොවන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

කඩවත, දිවුලපිටිය සහ මුතූර් යන ප්‍රදේශවලින් සැළකිය යුතු සිදුවීම්  වාර්තාවන බවත් ඒ අතරින් බරපතලම සිදුවීමවන්නේ මුතූර් ප්‍රදේශයෙන් බවත් හෙතෙම සඳහන් කරයි. 

මුතූර් ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකට දේශපාලඥයෙකු ඇතුළුවීමට ගොස් මැතිවරණ නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් බවත් එහි දී එම දේශපාලඥයා සහ තවත් ආධාරකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා පවසයි.

මේ ආකාරයට දිවයින පුරා තැපැල් ඡන්දයට අදාල සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)