May 13, 2024

ඇමති සුජීවට හෝමාගම අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි

හෝමාගම, හබරකඩ ප්‍රදේශයේ එජාප ඡන්ද රැස්වීමක දී පොලිස්  කොස්තාපල්වරයකුට බැණ වැදුණු බව කියන අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට ලබන 12 වැනි දා හෝමාගම අධිකරණයේ පෙනී සිටින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙනිය මහතා අද (05) නියෝග කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපාලි සේනාරත්න මහතා කියා සිටියේ සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් අද නොපැමිණි බවයි.

දීර්ඝ දිනයක් දෙන්නැයි ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටි නමුත් පොලිසිය ඊට විරුද්ධ විය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු 5 දෙනෙකුට හෝමාගම අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 13:04